කැරකෙන රෝදේ පුංචි කරත්තේkaerakena roodhee punchi karaththee

Kerakena Rode Punchi

ගී පද

කැරකෙන රෝදේ පුංචි කරත්තේ
ඉඳගෙන මම ඉන්නේ..
පදික වේදිකා පසුකර යන්නට
තල්ලු කරන් පුතුනේ...//

කැඩුනු පාවහන් කුඩ නිමවාලා
දවසේ වියදම සරි කරවාලා
අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට
තල්ලු කරන් පුතුනේ...//

කිරිකැටි දෙ ‍අතේ සවිබල දියැවේ
පමා වුනොත් අප මහමඟ තනිවේ
අම්මා මඟ ඇති නෙත් හරවාගෙන
තල්ලු කරන් පුතුනේ...//