කැළණි ගඟට සඳ වැටිලාkaelani gangata sanda waetilaa

Kelani Gagata Sanda Watila

ගී පද

කැළණි ගඟට සඳ වැටිලා
කැළණි අහස හඬන්නේ
පැරණි පෙමක සුවඳ දිගේ
ගඟ පහළට ගලන්නේ //
ගඟ පහළට ගලන්නේ //

සැළලිහිණි වැද කැලණී
පාලම් මුර පොළ ළඟිනී //
බිය සිතිලා පැන ගියෙනි
කැළණි සඳ සොවින් සැලූණි

ගඟ උඩිනි ගිය කෙකිනි
කිරි කළ ගඟටම හැලුණි //
පෙර රමණී නැති සොවිනී
කැළණි සඳ ගඟට වැටුණි

කැළණි ගඟට සඳ වැටිලා
කැළණි අහස හඬන්නේ
පැරණි පෙමක සුවඳ දිගේ
ගඟ පහළට ගලන්නේ //
ගඟ පහළට ගලන්නේ //