කෙහෙල් මලක් කෙහෙල් කොටුවේkehel malak kehel kotuwee

Kehel Malak Kehel Kotuwe

ගී පද

කෙහෙල් මලක් කෙහෙල් කොටුවේ දකින දකින ගානේ
කෙහෙල් කොටුව සරු කළ නුඹ සිහිවෙනවා නෑනේ
කෙහෙල් කොටුව සරු වුණාට හිත පාළුයි නෑනේ
කෙහෙල් කොටුවේ මං තනියම නුඹේ ගෙපැලේ නුඹ තනියම
කවදා පායයිද හඳක් අනේ අපට නෑනේ......

කෙහෙල් මුව මාළුව නුඹ රහට හදන කාලේ
කෙහෙල් කොලේ බත බෙදලා නුඹ මට දෙන කාලේ
තව මතකයි හීනයක් වගේයි මට ඒ කාලේ
නැන්දා මාමා දෙන්නා විරසක වී පව් පල දී සුදු නෑනේ
අපි දෙන්නා දෙපොලේ.......

කෙහෙල් මලක්........

කෙහෙල් කැන් පොලට විකුණා කාසි අරන් නෑනේ
මල් චීත්තයක් ගෙනාව ඒත් දෙන්න බෑනේ
කෙහෙල් දල්ල වගේ වැනෙනවා නුඹේ හිත සුදු නෑනේ
ඕන කෙහෙල් මලක් වෙයන් කියලා හොර රහසේ 
අපි දෙන්නා යමුදෝ හඳ පානේ......

කෙහෙල් මලක්........