ගී පද
කැදැල්ලේ ඇතිවූ කිරිල්ලි වගේ
දෙමව්පියන් සෙවනේ නිදැල්ලේ
උන්නේ මා විනෝදයෙන්
විඳ අමෝද සහනේ මංගල නැකතින්
පෙම්බරයෙකු හා හෙට මා පිටවෙනවා
ඒ ගැන සිතනා මොහොතක් පාසා
දෙනත පිරි යනවා...
වෙසෙනා තැනදා දුකකින්ය පා තබන්නේ
මා පිය දෙදෙනා නංගි මල්ලි ගැනමයි සිහිවන්නේ
කැදැල්ලේ ඇතිවූ කිරිල්ලි වගේ
දෙමව්පියන් සෙවනේ නිදැල්ලේ
උන්නේ මා විනෝදයෙන්
විඳ අමෝද සහනේ...
පෙලෙනා වෙලෙනා හදගැස්ම මා පෙළෙන්නේ
ආදරේ සැමියා මවන ලෝකයේ
සැප පතමිනි යන්නේ...
කැදැල්ලේ ඇතිවූ කිරිල්ලි...