කවුරුදෝ අර කවුළුවෙන්kawurudhoo ara kawuluwen

Kawurudo Ara Kawuluwen

සංගීතය:
ශාන්ති ගීතදේවshaanthi giithadheewa
පද රචනය:
ඩෝල්ටන් අල්විස්dooltan alwis

ගී පද

කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබි කම් කළේ
ඒ හිනාවේ මා වෙළන්නද
මා වෙළාගෙන මට තලන්නද
ඈ හිනාවෙන්නේ ....//

ඉතිං මට බැහැ ඈත යන්නට
ඒ නුවන් රැහැනින් මිදීලා ...//
කවුළුවේ දොර හදෙන් ඇරගෙන
නෙත් ළඟින් ඉන්නම්

කවුරුදෝ අර කවුළුවෙන් .../

කතා නොකරන තාරකාවක්
පාර කීවත් මම නොයන්නම් ...//
කවුළුවේ දොර හදෙන් ඇරගෙන
නෙත් ළගින් ඉන්නම්

කවුරුදෝ අර කවුළුවෙන් .../

ඉතිං මට බැහැ ඈත යන්නට
ඒ නුවන් රැහැනින් මිදීලා ..//
කවුළුවේ දොර හදෙන් ඇරගෙන
නෙත් ළඟින් ඉන්නම්

කවුරුදෝ අර කවුළුවෙන් .../