කවුළු පියන් පත් වහන්නkawulu piyan path wahanna

Kawulu Piyanpath Wahanna

ගී පද

(කවුළු පියන් පත් වහන්න
සඳලු තලාවේ.....
ඔබ දුරයි නෙතට මා සිටිනා
ළවැලි තලාවේ)....//

විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයි
ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි
මල් සුවඳ උරා ඇදී යන්නේ බඹරුන් කෝමැයි
සඳලු තලාවට පැල්පත දුරනම් බෝමැයි.....

කවුළු පියන් පත්...../

කිරි සිනා සලන සඳවත අහසෙම රැඳුනාවේ
ඉඟිමරණ තරු කැලුම් අහසට නොම පෙනුනාවේ
සිත ඈත අරන් යන විමනේ සඳලුතලාවේ
කවුළු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ.....

කවුළු පියන් පත්.....//