කව්දෝ ආවාkawdhoo aawaa

Kawudo Aawa

සංගීතය:
රොමේෂ් සුගතපාලromeesh sugathapaala
පද රචනය:
නන්දන වික්‍රමගේnandhana wikramagee

ගී පද

අහස දෙදරා හඬන රෑ යාමේ කව්දෝ ආවා
සිහිනේ රඟ පෑවා හිනැහෙමුද කීවා....//

හිත ගාව හිනැහෙන්න දුන් කාලේ ඉවරයිදෝ
ඔබ උන්නේ මා ගාව ඒ හීනේ විතරයිදෝ
වස්සානේ නැතුවාදෝ මට ඉන්න ඔබ ගාව
හිත ඉල්ලලා නෙත හඬනවා සයනයේ තනිවෙලා.......

අහස දෙදරා......

පෙම් සිසිල විඳගන්න ළඟ ඉන්න 
සැනසෙන්න මට ආයේ තහනම්ද
හිත හඬනවා තාමත් තේරෙන්නේ නැතුවාදෝ
වස්සානයේ වැහි බිංඳු සේ කඳුළු දෑසින් ගලනවා.......

අහස දෙදරා......//