කවුදබෝයිkawudhabooyi

Kawuda Boy (cartoon theme song)

ගී පද

ඒ කාලේ සිද්ධ වෙච්ච කතාවක් මේ 
නියම වීරයෙක් ගැනයි කියන්නේ 
අස්සයාගේ පිටින් එයා ගමන් යයි 
එයාට කව්රුත් කිව්වේ කවුදබෝයි...

අසාධාරණේ මෙයාට පෙන්නන්න බෑ 
"ඇයි එයාට අසාධාරණේ පෙන්නන්න බැරි ඇ"
එහෙම තමයි ඒ කාලේ වීර පුරුෂයෝ
ඒ වාගේ වීරයෝ අද කාලේ නෑ... 

සූර්යා පායලා තියෙන්නේ 
පරිසරේ සුන්දරයි ලස්සනයි 
කුරුළු ගීත හැමතැනින්ම ඇසෙන්නේ 
කට්ටියම ප්‍රීතියෙන් යනවා දැන් 
චුට්ට චුට්ට කිට්ටු වෙන්නේ කාන්තාරේටයි 
"පව්නේ සත්තු ඔක්කොම මැරිලානේ"
ඉගිල්ලිලා යන කුරුල්ලෝ මැරිලා වැටෙනවා 
ඒ තරමට කාන්තාරේ රස්නෙයි දැන්... 

වතුර නැතිව කතරේ මැද්දේ හිට්ටෝත් නම් 
අතර මැදම නතර වේවි මේ වාගේ 
සමහර අය කිව්වා වුනත් අහන් නෑ 
වැරදුනාට පස්සේ හිතලා වැඩක් නෑ 
ඊට පස්සේ මොකද වුනේ දන්නවාද ඔයා 
"දන්නේ නෑ හලෝ කියනවකෝ"
ඊට පස්සේ කවුදබෝයි ගැන කතන්දරේ 
කියනවා මං අහන් ඉන්න දැන්...