කවියkawiya

Kawiya

සංගීතය:
විදුල රවිශරwidhula rawishara
පද රචනය:
සෞම්‍ය සඳරුවන් ලියනගේsaumya sandaruwan liyanagee

ගී පද

බොහෝ පෙම් කවි ලියු පසුවද 
සියුම් කැපුමක් මෙන් රැඳී
නොලී කවියක් තිබිය නොහැකිද
හදේ යම් රිදුමක් දිදී
තියුණු රුදු සෙත් ලෙසින් සැමරුම්
සෙමෙන් පාරන මුත් ඇණි
සිඳිනු හැකිවෙද කෙලෙස කිකලෙක
එවන් හද පාරන බැමී...

(ඉතින් එබැවින් නවතිමී...
හදින් පිටමන් නොකරමි...//)

නෙතින් ගිනිගත් හදින් තැවෙමින්
දරා ඉමිහිරි වේදනාවන්
පෙමින් සඟවා තබා ගන්නෙමි
නොලී ඒ ගීතිකාවන්
සදාකාලික තැවුල් පොදියක
රැඳී හද පෙලුවත් නිතී
ලියා අවසන් කවක් කෙලවර
මැකී වියැකී යා නොදී...

(ඉතින් එබැවින් නවතිමී...
හදින් පිටමන් නොකරමි...////)