කවමදාවත් එපාkawamadhaawath epaa

Kawamadawath Epa

සංගීතය:
හෂාන් තිළිණhashaan thilina
පද රචනය:
ප්‍රසන්න කුමාර ධම්මලගේprasanna kumaara dhhammalagee

ගී පද

කොහේ උන්නත් ඔයා සතුටින් නම්
මගේ නොවුනත් දරාගෙන ඉන්නම්
පෙම් කලේ බොරුවට උනත් හිත මගේ රවටා
ඔබ වගේ නෑ කවුරුවත් මට මගේ කියලා

කවමදාවත් එපා වරදින්න
මා වගේ ඔබ එපා තනිවෙන්න
මා පතන්නේ එහෙමමයි මේ ජීවිතේ තෙක්ම

කඳුලු එන්නෑ ඒ පුරුද්දට වාගේ
මා හිතන්නේ ඒ කා ගැනද ආයේ 
රෑ දවාලක් නැතිව අඬනා   
ඔබේ කියූ හිත මටම තියලා 
යන්න හිතුවත් මාගෙන් වෙන්වීලා 
 
කවමදාවත් එපා වරදින්න
මා වගේ ඔබ එපා තනිවෙන්න
මා පතන්නේ එහෙමමයි මේ ජීවිතේ තෙක්ම

මතක අතරේ ඔයාමයි ඉන්නේ 
පාර වන්නේ පාළුවයි හිත මේ 
ආදරේ මහා මෙරක් කියාලා 
ජීවිතේටම දුකක් කියාලා 
යන්න හිතුවත් මාගෙන් වෙන්වීලා 
 
කොහේ උන්නත් ඔයා......
 
කවමදාවත් එපා වරදින්න
මා වගේ ඔබ එපා තනිවෙන්න
මා පතන්නේ එහෙමමයි මේ ජීවිතේ තෙක්ම