ගී පද
නාන් දීන් තිලක නදින්
කොහොඹ කලේ ඔලුවේ තියන්
මෝලම් පාරට නටලා
තාලම් නාග සලං තොවිල් බෙරේ කරේ බැඳන්
කෝලන් ඔක්කම දමලා
දෝතින් පඬුරු අරන් භාර හාර ඔප්පු කරන්
කතරගමේ දෙවිඳුට වැදලා...
මල්ලීයේ පෝලිං ගැහිලා වරෙන්
සුවඳ පොට්ටු තිලක තියන්
නටන්න කාවඩි බයිලා...
නාන් දීන් තිලක නදින්.../
ඉතින් පෝලිං ගැහිලා වරෙන්
සුවඳ පොට්ටු තිලක තියන්
නටන්න කාවඩි බයිලා...
(පස්සපාන ඇග ගාගෙන පිරුවට ඇදලා
මොණර පිලෙන් සැදු කවඩි කර උඩ තියලා
ජෝතිදාරෙ රිද්මේ අනුව පාදය තබලා
ඉතින් දෝස බංග වෙන්න නටමු මැද්දට වැදිලා...//)
නාන් දීන් තිලක නදින්.../
ඉතින් පෝලිං ගැහිලා වරෙන්
සුවඳ පොට්ටු තිලක තියන්
නටන්න කාවඩි බයිලා.....
(කතරමේ ගුණ වරුණේ සැමට කියාලා
මම හතර වටින් ගොතන්නේ මේ කාවඩි බයිලා
අතරමගින් පැනලා මල් මාල ගෙනැල්ලා
ඉතින් නතර නොවී නටලා ආරූඩ වෙයල්ලා...//)
නාන් දීන් තිලක නදින්.../
ඉතින් පෝලිං ගැහිලා වරෙන්
සුවඳ පොට්ටු තිලක තියන්
නටන්න කාවඩි බයිලා...
නාන් දීන් තිලක නදින්.../
ඉතින් පෝලිං ගැහිලා වරෙන්
සුවඳ පොට්ටු තිලක තියන්
නටන්න කාවඩි බයිලා...