ගී පද
කවදාවත් යළි ඔබ නාවත්
අමතක කරන්න බෑ තාමත් //
ඔබ වෙන්වුනු බව දැන දැන උන්නත්
ආදරෙයි මා ඔබට තවත් //
ආයෙත් දවසක හමුවෙලා ඉන්නට ආසයි ළංවිලා //
අපි හමුවන තැන තාමත් එහෙමයි
වෙනස්වුණේ ඔබ විතරයි
කාලය ගෙවුනත් දුක තව එහෙමයි
සිත විමසන්නේ ඔබ ගැනමයි
ආයෙත් දවසක හමුවෙලා ඉන්නට ආසයි ළංවිලා //
අපි ඈත් වෙලා ඉමු කීවත්
සිහිවෙන්නේ ඔබ ගැනමයි
ඔබ තනිකළ සිත කවුරුත් නොපතයි
හැමදාටම මං ආදරෙයි
ආයෙත් දවසක හමුවෙලා ඉන්නට ආසයි ළංවිලා //