ඔබ ඒවිදෝ කවදාහෝoba eewidhoo kawadhaahoo

Kawada Ho

ගී පද

ළඟ නැති බව දැනෙනවා
එනමුත් හද අහනවා
ඔබ ඒවිදෝ කවදාහෝ

ඔබ මගෙමයි හැඟෙනවා
ආදරෙ තව රැඳෙනවා
ඔබ ඒවිදෝ කවදාහෝ

හුදකලාව මේ සිත හඬවනවා
සැමදා ජීවිතයේ තනිවේ දැයි සිතෙනවා

ඔබගෙන් ලද උණුසුම මට දැනෙනවා
තනිකම මාගේ ඉගිලී යනවා
ළඟ නැති බව දැනෙනවා
එනමුත් හද අහනවා
ඔබ ඒවිදෝ කවදාහෝ

ඔබ මගෙමයි හැඟෙනවා
ආදරෙ තව රැඳෙනවා
ඔබ ඒවිදෝ කවදාහෝ

නෙතු පියාන මා ඔබෙ රුව මවනවා
හීනෙන් ඇවිත් මා දෑස සිඹිනවා
ඔබගේ සුසුම් මට තව දැනෙනවා
ඔබ දන්නේ නෑ ආදරෙ ගලනවා

ළඟ නැති බව දැනෙනවා
එනමුත් හද අහනවා
ඔබ ඒවිදෝ කවදාහෝ
ඔබ මගෙමයි හැඟෙනවා

ආදරෙ තව රැඳෙනවා
ඔබ ඒවිදෝ කවදාහෝ