කැවුම් උයාගෙනkaewum uyaagena

Kavum Uyagena

ගී පද

(කැවුම් උයාගෙන නැකත් බලාගෙන 
අවුරුද්දට නෑගම් යනවා
කඩමළු බැඳගෙන බුලත් හුරුළු ගෙන 
අවුරුද්දට නෑගම් යනවා......//)

(දෑතට බංගලී වළලු දමාගෙන......//)
ඉන වට කදිමට සේල නෙරා
නෑනේ නරකද ගියාම නෑගම්
මොකදැයි ඉන්නේ තරහා වෙලා.......

(ඉස්සර හිට එන සිරිතට නොවෙදෝ......//)
අළුත් හාලේ බත සාදන්නේ
මස්සිනාලා දැන් මෙහි එනවායැ 
ඒකයි තරහාවෙන් ඉන්නේ.......

කැවුම් උයාගෙන........

(තුන්සිය හැටපස් දවසක් ගෙවිලා.....//)
අළුත් සඳක් නොවැ පායන්නේ
අළුත් සඳක් පායනකොට නෑනෝ
පැරණි වරද අමතක වන්නේ.......

(බුදුන් සරණ ගොස් දෙවියන් වැඳලා......//)
සිංහල සිරිතට එක්වීලා 
තරහා මරහා බොරු භේද ඉවතලා
අවුරුද්දට නෑගම් යනවා.......

කැවුම් උයාගෙන.......//