කවිය මගේ ගීය වුණේ ඔබේ තනුවටයිkawiya magee giiya wunee obee thanuwatayi

Kaviya Mage Geeya

ගී පද

කවිය මගේ ගීය වුණේ ඔබේ තනුවටයි
ගීය ඔබේ මිහිරි හඬින් ගයන්නේ මමයි
දිවිය මගේ සුවද වුනේ ඔබේ පැතුමටයි
ගීය ඔබේ ගැයෙන පැයේ මිහිරි හද පිරෙයි


ප් ‍රේමය ගැන ගී ලියන්න සවිය දුන් ඔබයි
ප් ‍රේමය ගැන කියා දුන්නෙ ගීතයක් ලෙසයි
සියුම් හදේ නැවුම් සෙනේ කුසුම පුබුදුවයි
යනෙන තැනේ සුවද ඔබේ පවන මට ගෙනෙයි

සසර පුරා ලියූ එකම කවිය ඔබ ගැනයි
ඒ කවියේ පද අතරේ ඇත්තෙ අපෙ පෙමයි
සසර පුරා තැනී එකම ගීය ඔබ ගයයි
ඒ ගීයේ රස මැවුනේ ඔබේ පෙමටමයි