කවි දාහක් ඇත මගෙ හිත ඇතුලේkawi dhaahak aetha mage hitha aethulee

Kavi Dahak Atha Mage Hitha Athule

සංගීතය:
චමින්ද සමරනායකchamindha samaranaayaka
පද රචනය:
සංජය වික්‍රමතුංගsanjaya wikramathunga

ගී පද

කවි දාහක් ඇත මගෙ හිත ඇතුලේ
ඔබට ලියන්නට කියා ප්‍රියේ
මේ හැම ලියවෙන කවියක් ගානේ
ඔබ ගැන ලියන්න මං ඉන්නේ //

කතා කරන ඔබ ඔයාගෙ ඇස් දෙක
ගැන ලියන්නෙමි මම මුල් කවි සීයෙම
සිනා සපිරි මුව මදහස පිළිබද
ලියා තබමි මම උපමා නැතිවම

කවි දාහක් ඇත ....

ඔයාගෙ පෙම් හිත කියවන්නට එන
පෙම්වතියන් හට මං ගැන කියන්න
අන්තිම කවියේ අන්තිම පේලියේ 
මං ගැන චුට්ටක් ලියා තියන්නද

කවි දාහක් ඇත ....//