කටු ගාන කොලය මැද (යුක්තියේ අයුක්තිය)katu gaana kolaya maedha (yukthiyee ayukthiya)

Katu Gana Kolaya Meda (Yukthiye Ayukthiya)

සංගීතය:
නවරත්න ගමගේnawarathna gamagee
පද රචනය:
දේශෝදාර ලියනගේdheeshoodhaara liyanagee

ගී පද

කටු ගාන කොලය මැද වැටුන දිය බින්දුවක්
අහුල ගනු බැරි මෙමට නෙත'ග අවිවේකයක්
හීන පොරකන රෑක ලියූ කඩදාසියක්
තනිව ඉකිලන කඳුලු සිඹියි සන්තාපයක්

හත්මුතුව සන්තාන හැර පිසින දුක් කඳුලු
හැඳින නොහැඳිය හැකිද මිට මෙලූ මුතු පබලු
අත'ග දිලිසෙන කසුන් ඉපිද සත්සර නැගුනු
දින කවර දා වුවද හිමිය මට කටු ඔටුණු

සඳ එළිය අරක්ගෙන දුර අහසෙ උන්නාට
මට පොළොව කළුවරයි අමාවක නොවුනාට
මා දෙනෙත් මුලා කර සාරුවක් පෑවාට
සඳේ අසිරිය වඩයි ප්‍රේමයේ ආවාට

කටුගාන කොලය මැද...