කතරට කුමට දkatharata kumata dha

Katharata Kumatada

ගී පද

කතරට කුමට ද වසන්තයක්
සයුරට කුමටද අනන්තයක්
ඔබ පිළිබඳ සිත මගෙ තනියට ඇත
මට කුමටද  වෙන සිතක් කයක්

දුහුවිලි සුළි සුළි නැගෙයි බිදෙයි
දිය ඇළි දිය රැළි ඇදෙයි රැදෙයි
මතකය ලුහුබැඳ ඔබ වෙත එන සඳ
ජීවිතයම මගෙ ඔබෙයි ඔබෙයි

සඳ රැස පිණි දිය රැළෙහි ඔතා
පළදමි ගෙලවට මලක් ගොතා
ඔබ නැති මිහි මත මගෙ පනනල නැත
දෙදෙනෙකු මුත් අප එකයි එකයි