ගී පද
කතරගම යන මගේ අතරමං වී එදා
ගිමන්හල අසල නැවතී සිටිය විටෙකදී
මගේ සුරතලා බලු පැටියා එනතුරා
මග බලා ඉන්නවා එළිපත්ත වෙත රැඳී...
අම්මා මට කියන්නේ ඔබට ඉව ඇති බවයි
සිය දහක් ගව් ගෙවා ගෙදරටම එන බවයි
මතක නැති වෙලා ඒ මග එයාටත්
සමාවෙලා අද හෙටම ගෙදර එන බවයි...
කතරගම යන මගේ...
මිනිස්සුන් වගේ නෑ සතුන් ළඟ වෛර නෑ
කරපු ගුණ පමණමයි සිත් පුරා රැඳෙන්නේ
මගේ පෙම ඉව වෙලා ඔබ සිටින ඉසව්වට
මාපෙතක් වෙන තුරා මග බලා ඉන්නවා...
කතරගම යන මගේ...