කතා කරන නෙතුkathaa karana nethu

Katha Karana Nethu

සංගීතය:
රනුක පෙරේරාranuka pereeraa
පද රචනය:
රනුක පෙරේරාranuka pereeraa

ගී පද

කතා කරන නෙතු දල්වාගෙන උන්නා
නැති වූ දේ මට ලැබුණා සේ දැනුනා
දුරින් සිටියත් සුපුරුදු බව හැඟුනා
කිසිවක් නොකියා තනිකර යන්න ගියා.......

සිදු වූ හැමදේ හීනයක් වගේ 
පෙරදා රෑ දුටු හීනයක් වගේ 
දක්නට ආසයි තුන්තිස් පැය පුරා
හදවත කැළඹු හීනයක් වගේ 
පෙරදා රෑ දුටු හීනයක් වගේ 
දක්නට ආසයි මේ මුළු සසර පුරා.......

සුරතල් හිනාව මනසින් මුදනු බෑ 
කෝල කතා බහ අමතක කරනු බෑ 
ඔබ ලස්සනයි ඒ ගැන වගක් නෑ
හරි ආදරෙයි මට කියාගන්නට බෑ......

සිදු වූ හැම දේ........

තුරුළු වුණා ඈ මා වෙත ආදරෙන්
හදවත නැවතුණා සේ දැනුණා ඒ සැණින්
මුමුණනු බෑ එක වදනක් දැන් ඉතින්
හිතන්න බෑ හිත ඔබ ළඟ තමයි........

සිදු වූ හැම දේ........///