කතා කරනකන්kathaa karanakan

Katha Karana Kan

සංගීතය:
තිවන්ක ලක්මාල්thiwanka lakmaal
පද රචනය:
තිවන්ක ලක්මාල්thiwanka lakmaal

ගී පද

කතා කරනකන් බලා හිටියා මං 
දුර ඈතක ඉඳන් හදින් ළං කරන්
කවදා ඒවිදෝ ආයෙමත් 
එතකන් හිඳින්නම් ඔබේ ළඟින්
කොහේදෝ ඈතකින් 
ඔබේ හඬ ආයෙමත් ඇහෙනවා
නෙත හිත පුරා ඔබ ළඟමදෝ දැනෙනවා 
ලස්සනයි ආදරේ ඔබ හා මතකයන් පෙර දිනේ
ආයෙමත් අපි අපේ ආදරෙන්......

මගේ හදවතේ තනිකම ඔබ අරන් ගිහිල්ලා
මට හිත පුරා ඔබ ආදරේ ගෙනල්ලා
මේ තරම් ආදරෙන් අපි උන් මතකයන් පෙර දිනේ
ආයෙමත් අපි අපේ ආදරෙන්......

කතා කරනකන් බලා හිටියා මං 
දුර ඈතක ඉඳන් හදින් ළං කරන්
කවදා ඒවිදෝ ආයෙමත් 
එතකන් හිඳින්නම් ඔබේ ළඟින්.....//
කතා කරනකන්...