ගී පද
කාසි වලට ගන්නත් බෑ කාසි වලට දෙන්නත් බෑ
මනුස්සකම මිනිස්සුනේ
කාසි වාසි ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට බෑ
මනුස්සකම මිනිස්සුනේ //
දිඹුල් ගහක් ළඟට ගිහින් අඬන්නෙපා මල් ඉල්ලා
මරු කතරක් මැදට ගිහින් අඬන්නෙපා දිය ඉල්ලා
මරු කතරක් මැදට ගිහින් අඬන්නෙපා දිය ඉල්ලා
කාසි වලට ගන්නත් බෑ .../
දිය දෝතක් බොන්න ඕනා දිය දෝතක් පිරුණු අතින්
මල් අහුරක් ගන්න ඕනා මල් අහුරක් තියෙන අතින්
මල් අහුරක් ගන්න ඕනා මල් අහුරක් තියෙන අතින්
කාසි වලට ගන්නත් බෑ ...//