කරවල හොද්දkarawala hodhdha

Karawala Hodda

සංගීතය:
චනුක මොරගොඩchanuka moragoda
පද රචනය:
චනුක මොරගොඩchanuka moragoda

ගී පද

ඩොල්කි පාර මැද්දේ කොල්ලෝ සින්දු කියන්නේ 
කොනේ එකෙක් ටොනික් බෝතලේට තලන්නේ 
නෑ විසිතුරු පලතුරු අපි බයිටට ගන්නේ
ඒත් ගම්මිරිස් දාපු ඇපල් කෑලි සොමිය ගේන්නේ 

කරවල හොද්ද ලිපේයා
ගෑණිගේ ප්‍රශ්න නැතේයා 
උණ හෙම්බ කපේයා 
ගැහුවම.. අමුවෙන් පේයා 
කොල්ලෝ ආසම පේයා
ආරියපාලගේ පේයා 
දුකට සැපට ලගම හිටිය 
සුමිරි සුපේයා 

ගහන්න.. උම්බලකඩ වට්ටක්ක කැකිරි දොඩම් 
එතකොට... බෝම්බිලි කන මස් වැද්ද කිකිළි හොරා 
උම්බලකඩ වට්ටක්ක කැකිරි දොඩම් 
බොම්බිලි කන මස් වැද්ද කිකිළි හොරන්
ගෙදර හිටිය කිකිළි නැතුව නෑ බිත්තර දැන් 

රෙද්ද හැට්ට ඇන්ද කෙල්ලෝ ඩෙනිමට බැස්සේ 
ෆැෂන් එකනේ මචං කියල බිකිනිය දැම්මේ 
කාර්ඩේශියන්ස් වෙන්නනේ මෙහෙ නංගිලා බැලුවේ 
අපේ යොදිට ඕක කියලා දතක් ගැලවුනේ 

කරවල හොද්ද ලිපේයා......
ගහන්න .. උම්බලකඩ වට්ටක්ක කැකිරි දොඩම්...... 

කොළ නිල් රතු පාටට මුන් ගහ බැන ගන්නේ 
ඇතුලේ එවුන් ඒවා බලලා ආතල් ගන්නේ 
කාලට පෙළපාලි ගිහින් මොනවද ලැබුනේ 
හැමදාමත් රෑට කන්නේ..හැමදාමත් රෑට කන්නේ... 
වෙනසක් නෑ රෑට කන්නේ... 
වෙනසක් නෑ රෑට කන්නේ... රෑට කන්නේ..
රෑට කන්නේ.. රෑට කන්නේ..රෑට කන්නේ.. 
පොල්සම්බෝලේ 

කරවල හොද්ද ලිපේයා......//