ගී පද
කරකාර බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින්
කරකාර බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින්
මනලෝල රුවැත්තියෙ කෝල නොවී මගෙ මූණ බලන්න කියන්
මගෙ පුංචි පැළේ සිරි දේවි වෙලා නුඹ කැමතිද ඉන්න කියන්...//
නෑදෑයෝ බලන්නට ජෝඩු වෙලා අපි බක්කි කරත්තෙන් යන්
ඕන් රත්තපුරෙන් මගෙ මැණිකෙට ඕනෙ හැම දේම ගෙනත් දෙන්නම්
පණ තියෙන තුරාවට හැම සැප දෙන්නෙමි සත්තයි දිවුරමි මන්
අනෙ සත්තයි දිවුරමි මන්
කරකාර බඳින්නට....
මුතු මාල පොටක් ඔය ගෙල පළඳන්නට හීන බැලුවේ මන්
මනමාලි කරන් නුඹ කැන්දන් යන්නට පෙරුම් පිරූවේ මන්
පුර පෝයට ඉස්සර කූඩු වෙන්න අපි නැකතක් බලමුද දැන්
අපි නැකතක් බලමුද දැන්
කරකාර බඳින්නට....//
මනලෝල රුවැත්තියෙ කෝල නොවී මගෙ මූණ බලන්න කියන්
මගෙ පුංචි පැළේ සිරි දේවි වෙලා නුඹ කැමතිද ඉන්න කියන්...//