කප් සුවහස් කල්kap suwahas kal

Kap Suwahas Kal

සංගීතය:
ජයතිස්ස අලහකෝන්jayathissa alahakoon
පද රචනය:
රත්න හෙක්ට දිසානායකrathna hekta dhisaanaayaka

ගී පද

කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන
අනන්ත බාධක දුක් පීඩා විඳ
භවෙන් භවය යන මං සළකුණු දැක
ඔබව සොයා ආවා
ඔබව සොයා ආවා 

සත් සමුදුර තරණය කර ආවා
සත්කුළු පව් අතරින් දිව ආවා//
තරු එළියෙන් පියවර මැන ආවා
ඔබව සොයා ආවා
ඔබව සොයා ආවා

කප් සුවහස් කල්...

නොනිමෙන ගමනක ආශා පොදි බැඳ
මිරිඟුව පසුපස දිව යන ඉකි බිඳ//
දිවි වෙණ වැයුමට ඔබ පසෙකින් හිඳ
ඔබව සොයා ආවා
ඔබව සොයා ආවා

කප් සුවහස් කල්...