ගී පද
කඳුළු තියලා සතුට උදුරා ගියත් රවටාම සිත රිදවා
රත්තරනේ නෑ තරහා කිසිදා ඉන්න සතුටින් ඔයා
මියැදෙන්න මොහොතක් පෙර
ඔයා එයි කියලා ඉන්නවා මග බලා
සිහිවෙලා කවදා හෝ පෙර මගේ ආදරේ.......
ගෙවුණ ඔබ ගාව ජීවිතේ පණ වගේ වටිනවා සදා
මතක කටු ගාලා මා දමා ගියත් වෙන් වී ඔයා
හිමි වුණේ ඔබ නිසා දුකම විතරයි මට සදා
මියැදෙන්න මොහොතක් පෙර
ඔයා එයි කියලා ඉන්නවා මග බලා
සිහිවෙලා කවදා හෝ පෙර මගේ ආදරේ.......
සිතට මගේ දුන්නු වේදනා ඔබට හිමිවෙන්නෙපා සදා
සතුට ඔබ ගාව දිවි තුරා රැඳෙන්නට පතනවා
හිමි වුණේ ඔබ නිසා දුකම විතරයි මට සදා.......
කඳුළු තියලා.......