කඳුළු හොල්ලලාkandulu hollalaa

Kandulu Hollala

සංගීතය:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
පද රචනය:
ඩිලාන් ගමගේdilaan gamagee

ගී පද

කඳුළු හොල්ලලා මගේ සිනහ වෙනු එපා
හීන සමතලා කරලා දුරින් ඉනු එපා
නුපුරුදු තනිකම් අතරේ  ඉන්න වෙන්න එපා
ඔයා හැරෙන්නට මේ ලෝකේ  කවුරුවත් එපා
කහටක් නොවේ හදවතේ කිසිදිනේ
ගිය තැන ඉතින් ඔබ තුටින් ඉනු මැනේ
යන්නට ගියේ හිතක් නෑ වගේ
මදි වීද මා දුන්නු සෙනෙහේ...

මහමෙර වගේ සෙනෙහස දරා
නොදැනීම දුරක් පැමිණිය නිසා
ඔබ කිවූ සැණින් වෙන්වෙමු කියා
මට බැරි වුණා හිත දර දඬු වුණා...

කවුරුත්ම නෑ මා තරම් ආදරේ
වැටහෙන දිනක් එන්නෙපා මගේ සෙනේ
ඔබ හරි තුටින් ඉනුමැනේ හැමදිනේ
තනිකම හොඳයි මට ඉතින් මේ භවේ
යන්නට ගියේ හිතක් නෑ වගේ
මදි වීද මා දුන්නු සෙනෙහේ...

මතකය පවා අමිහිරි වෙලා
ආයෙත් පෙමක් නොපතමි සදා
ඔබ නේන බැව් දැන දැනම මා
තාමත් අනේ මග බලනවා...

කවුරුත්ම නෑ මා තරම්....
යන්නට ගියේ හිතක් නෑ වගේමදි වීද මා දුන්නු සෙනෙහේ...