කඳුලු බිඳක් මා වෙනුවෙන්kandulu bindak maa wenuwen

Kandulu Bindak Ma Wenuwen

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
බන්දුල ජයසිංහbandhula jayasinha

ගී පද

(කඳුලු බිඳක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයැදින්නට එපා මගෙන්)//

කුළුදුල් සෙනෙහස ඔබගේ
පුද කළ දා එකම සිතින්
ඔබ දෙගුරුන් නොපැතු මා
ලොව තනි වේ නම්

කඳුලු බිඳක් මා....

එක මඟ යන මුත් කිසිදා
හමු නොවෙනා දෙදෙනෙකු නම්
තනිවෙන්නම් සැමදා මා
ඔබ සැනසේ නම්

කඳුලු බිඳක් මා....//