කඳුළු අතරින් මතුවෙලා රහසක්kandulu atharin mathuwelaa rahasak

Kandulu Atharin Mathuwela Rahasak

ගී පද

කඳුළු අතරින් මතුවෙලා රහසක්
සිහින විලසින් පිබිදිලා හැඟුමක්
නුඹේ නෙතඟින් පැවසුවේ වඳනක්
හිතම ගිනිගත් සොඳුරු ආදරයක්

ගතම පිබිදෙන නුරාගී සුවඳක්
හදේ සෙනෙහස සුවදෙනා මොහොතක් //
සිතුවමක් ලෙස පෙනුනා මට දවසක්
සිතට වද දෙන නුහුරු පෙම් හැඟුමක්

කඳුළු අතරින් ....

හිතේ පිපිලා හැගුම් මල් යායක්
නෙතේ දකිනා සුහද හසරැල්ලක් //
මුව තෙපුල මත බැඳුන ආදරයක්
ආදරෙන් හමුවෙලා ජීවිතයක් 

කඳුළු අතරින් ....