ගී පද
කඳුළු අතරේ ඔබව මැවෙනා රෑ පුරා
දෑස මානේ තව කෙනෙක් ඔබගේ වෙලා
සෑමදා කඳුළු හංගා මාගේ නෙතු රහසේ හැඬුවා
දාලා යන්නට නම් එපා කියා
ඔබම යන්නේ ඇයිද මා හඬවා......
සතුට මාගේ රැගෙන යන්නේ කොහොම ඉන්නද මා මෙදා
යළිත් ආයේ ඔබට දුන් දේ කාට දෙන්නද මා සදා
ඔබ විතරයි මා හදේ මියෙනා තුරු ජීවිතේ ඉන්න එකම කෙනා.......
කඳුළු අතරේ.......
ඔබට ඕනේ මා නොවේදෝ කියනු මැන මා හමුවෙලා
තරහා වෙන්නේ නෑනේ කිසිදා ඔයා ඉන්නකෝ හිනැහිලා
හැමදාමත් ආදරෙන් සතුටින් ඉමු ජීවිතේ ඔබම පතනෙමි මා.......
කඳුළු අතරේ.......