ගී පද
කදුළු අහංකාරයි
තනිවුනාම නෙතු පාරයි
ඔබ ගියාම මට පාළුයි
හිනැහෙන්නෙ කදුළු ඒකයි
කදුළු අහංකාරයි
මගෙ හිත හරි අහිංසකයි
ඔබ ගැන රන් සිහින මවයි
හුදකලාව ඉන්න බයයි
ඒ හිත හඩවන හින්දයි //
කදුළු අහංකාරයි ....
මට මගෙ සිහින අයිති නැතී
ඒ හිත ඔබ සතුව ඇති
ඔබ ලංවෙන විටදි බැදී
සමුදෙන්නට සිතට බැරී //
කදුළු අහංකාරයි ...