කඳුලින් මගේ දෙකොපුල් තෙමේkandulin magee dhekopul themee

Kandulin Mage Dekopul

ගී පද

කඳුලින් මගේ දෙකොපුල් තෙමේ
ඔබ නෑ දන්නෙ හිතේ වේදනා
රහසින් වගේ පවසන් ලඳේ
ඇයි මා දමා තනි⁣යෙන් ගියේ ඔබ මෙදා
විලාපයේ මා....මිලාන වූවා.....
සුදුමැලි වූ කම්මුල් දෙක මා ගොලූ.. වෙලා
සිනාවන් මැකිලා.... ඔබ නිහඬ වීලා...
දෑත බැඳ ඉන්නෙ සුදු වතින් සැරසිලා...

මාගෙ ලෝකෙ... සැමදා ඔයානේ...
හමුවෙන්න එනනෙ කවදාද ආයේ...//

මේ නිසල රෑ මා..  ඔබ ලඟම ඉන්නම්
හඬවන්නෙපා මේ.. සිත මාගෙ මෙතරම්
මේ දිවිමගේ නෑ.. මට වාසනාවන්
ඔබ දුන්න⁣ සෙනේහේ.. හැමදාම මනරම්
නොඑනා ගමනක් ගියා කාටත්ම නොකියා
දැවෙනා තරමක් දනීනම් ඔයා.....

මාගේ ලෝකේ සැමදා ඔයානෙ
හමුවෙන්න එ⁣න්නේ කවදාද ආයේ....

පෙම් අංගනාවෝ... දැනුනාම පාලු
මතකේ විඳින්නම් අපි දෙන්නා යාළු
සංසාරයේ මේ දුක වින්දෙ කවුුරු
මා දන්නෙ නෑනෙ දුක දරන අයුරු
නොඑනා ගමනක් ගියා කාටත්ම නොකියා
දැවෙනා තරමක් දනීනම් ඔයා...

මාගෙලෝකෙ හැමදාම ඔයානේ
හමු⁣වෙන්න එන්නෙ කවදාද ආයේ.....