ගී පද
කඳුලින් අවසන් වන පෙම් පුවතට
හෙට දවසක් නොගෙනෙනු මැන පෙම්වත
මේ මල් යෞවනයේ //
සිරකරලනු බැරි සෙනෙහෙ හැඟුම් දිය
උතුරා පිටාර යයි
දෙනෝදහක් ඇස් වලින් රිදුම් ලැබ
පෙම් සිත් බලා හිදී
උහුලා ගනු හැකිවෙද මේ සෙනෙහස
සිඳී බිඳී යා නම්
කඳුලින් අවසන් ....
සිහිලස රැඳි තුරුලතා ගුලාවක
සඟවා මා පැතුමන්
පියා සරන්නට එපා බිඟුන් ලෙස
රහසින් දැක අන් මල්
උහුලා ගනු හැකිවෙද ඔබ උණුහුම
නිවී මැකී යා නම්
කඳුලින් අවසන් ....