කඳුලැල් සලලාkandulael salalaa

Kandulal Salala

සංගීතය:
රවිහැන්ස් වැටකෙපොතrawihaens waetakepotha
පද රචනය:
අමිල එම් වික්‍රමසිංහamila em wikramasinha

ගී පද

කඳුලැල් සලලා නුඹ ඈතට යන්නට යනවා
සුසුමන් ගොළු වී නුඹේ සිතුවම් මතකෙට එනවා
නුඹ දුර යනවා හිත හිර කරලා
නුඹ දුර යනවා හිත තනි කරලා.......

හුස්ම සොයා ආගිය තැන් මතකෙට එනවා
නිල් නෙතු නුඹේ රෑ අහසට කතා කියනවා
නුඹ දුර යනවා හිත හිර කරලා
නුඹ දුර යනවා හිත තනි කරලා.......

සියුමැලි ඇගේ තොල්පෙති අද සුවඳ එක්කරන්
සමනලයිනි කොහි ගියේද වසන්තය අරන්
නුඹ දුර යනවා හිත හිර කරලා
නුඹ දුර යනවා හිත තනි කරලා.......

කඳුලැල් සලලා.......