කඳුලැල් සලාkandulael salaa

Kandulal Sala

පද රචනය:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

ගී පද

කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ
ඇයි මිහිරියෙ තනි වී කිව මැන කල්පනා ලොවේ
කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ

මතුවේ සිහින් සුසුම් රැළි හද විල් දියේ මගේ
කිසිවක් ලොවේ වෙනත් නැත මට ඔබ තරම් අගේ
රැජිණී ඔබයි උදාරියේ මගේ දිළිඳු ලෝකයේ
ඇයි මිහිරියෙ තනි වී කිව මැන කල්පනා ලොවේ
කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ

මා වෙසෙන තුරු ලොවේ ඔබ කිසි දිනක තනි නොවේ
හමු වෙන්න එනු ප්‍රියේ අද මෙන් මතුද මේ භවේ
පිළිගන්න මා රජෙක්‌ ලෙස සනසා දයාවියේ
ඇයි මිහිරියෙ තනි වී කිව මැන කල්පනා ලොවේ
කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ