ගී පද
කඳුළක්ද මේ ජීවිතේ සතුටක් නෑතේ මා සිතේ
විඳගන්න දුන් ජීවිතේ විඳවන්නේ ඇයි මේ වගේ
හැරයන්න නම් මේ ලෙසේ ඇයි හමු වූයේ මේ භවේ
කඳුළක්ද මේ ජීවිතේ සතුටක් නෑතේ මා සිතේ......
වරදක් වුණා නම් පළිගන්නෙපා දැන්
පිළිගන්න මේ ආදරේ බොරු චෝදනා පවසලා
(හැරයන්න දුක නැද්ද ඔබේ ඔය හිතේ.......//)
කඳුළක්ද මේ ජීවිතේ.....
දුරකතනයේ හඬ නෑ ඔබේ
පාළුයි හඬයි සිත මගේ
අසරණ වුණා මා ලොවේ
(ඔබ නොමැති මේ දිවිය අරුතක් නොවේ......//)
කඳුළක්ද මේ ජීවිතේ.....