කඳුලයි දුක සඟවන්නේkandulayi dhuka sangawannee

Kandulai Duka Sagawanne

ගී පද

කඳුලයි දුක සඟවන්නේ
බිලිදුනි නුඹ නාඩන්නේ
අම්මා සළු වියපන්නේ
රසමසවුළු ගෙන එන්නේ

නැතිකමදෝ දළුලන්නේ
කෝලම් පුරට සිත යන්නේ
බඹරිඳු වට කැරකෙන්නේ
පුතු දෝතට දී යන්නේ

කඳුලයි දුක ....

තරු වියනයි දුක දන්නේ
හද අරනම ගිනි ගන්නේ
අඳුරේ සැම සනහන්නේ
නුඹේ කඳුළු පිසලන්නේ

කඳුලයි දුක ....