ගී පද
කඳුළ ඉතින් ඔබ නොයන්න
ඇය ගිය ලෙස මා අතහැර
ළගින් ඉඳන් දිරිය දෙන්න
සැනසිල්ලේ නිදා ගන්න //
ආලය නපුරට හැරෙන්න
එක මග ගොස් නතර වෙන්න
සිතුවිල්ලක් තිබුනිද කොහේ
ඇය සිත තුල මං නොදන්න
කඳුළ ඉතින් ....
මහද අඳුර මකාලන්න
සඳ දෙවියනි බිමට එන්න
කියා දෙන්නමට ඇහෙන්න
මහුවුනේ ඇයි වෙන්ව යන්න //
කඳුළ ඉතින් .........