ගී පද
කඳු අතරින් උදේ හවා රිය සක හසුරන මාගේ
සුක්කානම හුරු දෑතට සෙනෙහස අහිමි ද ඈගේ
කන්ද වසා හිත රවටා බැල්මක් වැටුණි ද කාගේ
එක හිත නැති නුඹේ හිතත් දහඅට වංගුව වගේ
මැද නුවරින් මං එනකොට නැගගෙන මහ කන්ද දිගේ
ඉස්සර නම් නුඹ උන්නා උඩුදුම්බර හිච්චා නගේ
දැන් නොදකින හේතුව මට අදවත් පවසන්න හොදේ
මගේ හිතත් සැලෙන්නෙ නෑ හුන්නස්ගිරි කන්ද වගේ
කන්ද බැහැලා මහියංගන වෙහෙර වදිමු අපි දෙන්නා
කියූ වදන් ගොළු කරගෙන දුම්බර උත්පලවන්නා
වාන් දමන්නට කලියෙන් බැම්ම උඩින් හිත පන්නා
අලු නොගැසුනු මගේ හිතත් කුළු ගඟටම දන් දුන්නා