කන්දේ විහාරේ kandhee wihaaree

Kande vihare

ගී පද

කන්දේ විහාරේ සීල සුගන්දේ පාවී එන්නේ ඝන්ටා නාදේ 
දෝත පුරාලා නෙලුම් නෙළාලා පන්සල් යමුකෝ පුංචි නංගියේ 
	
රතු ගුරු පාර ඉමේ කවුරු එනකන්ද සිරිමල් බලා හිදින්නේ 
තනියෙන් බලා හිදින්නේ 
මං නංගි එක්කන් පන්සල් යනවා 
එනවද සිරිමල් අයියේ ....

කන්දේ විහාරේ ..../

පෙර සංසාර භවේ පැතුමක් විලසින්දෝ අපි දැන් නෙලුම් පුදන්නේ 
සමිදුන් පිහිට යදින්නේ
දෙන්නට දෙගුරුන් අවසර දෙනවා 
සැක නෑ සිරිමල් අයියේ ...


කන්දේ විහාරේ .../