කන්ඩලමේ වැව බලන්න පැමිණි වෙලාවේkandalamee waewa balanna paemini welaawee

Kandalame Wewa Balanna

ගී පද

කන්ඩලමේ වැව බලන්න පැමිණි වෙලාවේ
ඔබ දුටුවේ වැවේ පිපුණු පියුමක් වාගේ...
වැව් බැම්මේ සිත අරගත් සොඳුරු වෙලාවේ...
ජාති ජාති මගෙ සිත ඔබ ලග තිබුනාවේ...

කතා නොකර මට නොපෙනී ගියත් ඈතට
මාගේ සිතත් ඔබ සමගින් ගියා බොහෝ දුර
හාද වෙන්න එනවනම් දිවි තුරාවම
කණ්ඩලමේ නවතින්නම් ඔයා එක්කම

නගරේ මා සතුවේ ඇති සියලු සේසත
අතැර දමා එන්නම් ආදරේ නම් මට
පැලක් හදා පින්බර වැව පේන මානෙම
ඔබ මාගේ වෙන්නට කැමතිද දිවිය පුරාම...