කන්ඩලමේ වැව බලන්නkandalamee waewa balanna

Kandalame Wewa Balanna

ගී පද

කන්ඩලමේ වැව බලන්න පැමිණි වෙලාවේ
ඔබ දුටුවේ වැවේ පිපුණු පියුමක් වාගේ
වැව් බැම්මේ සිත අරගත් සොඳුරු සිනාවේ
ජාති ජාති මගෙ සිත ඔබ ළඟ තිබුණාවේ........

කතා නොකර මට නොපෙනී ගියත් ඈතට
මගේ සිතත් ඔබ සමගින් ගියා බෝ දුර
හාද වෙන්න එනවා නම් දිවිතුරාවම
කන්ඩලමේ නවතින්නම් ඔයා එක්කම.......

කන්ඩලමේ වැව........

නගරේ මා සතු වී ඇති සියලු සේසත
අතැරදමා එන්නම් ආදරේ නම් මට
පැලක් හදා පින්බර වැව පේන මානේම
ඔබ මගෙ වෙන්නට කැමතිද දිවියේ පුරාම........

කන්ඩලමේ වැව........