ගී පද
කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ
නළල් වටින් එන දාඩිය මුතු කැටියේ
කන්ද උඩින් එන ගෝමරියේ
ඇයි මට පිටුපා ගෙට යන්නේ
නළලේ දාඩිය මුතුපට පටලා
වළකුලේ සුදු සේලය රැළි ලා
අත පාමුදු පය පාමුදු ලාගෙන
ළමැද ගෝමර මල් ගවසාගෙන
කන්ද උඩින් එන ගෝමරියේ
කන්ද උඩින් සඳවත පායන්නේ
සිනා කිරෙන් සඳ එළිය ගලන්නේ
ලැවුගිනි ගත් හද එයිනි නිවෙන්නේ
රන්තැටියෙන් කිරි දියර දියන්නේ
කඳු පාමුල මිටියාවත වැතිරී
ඔබ එනතුරු මම හිඳිනෙමි තනිවී
ඈත ඉඳන් කඳු මුදුනට නැගලා
මා කැදවන් ඔබ වෙත අත වනලා