ගී පද
කඳ සුරිඳුනි ඔබේ ඔද තෙද දැක හද
පිබිදුනු සිතැතිව පුදදෙමු බැතියෙන//
ඔබ යැදුමට ආවා අපි ඔබ යැදුමට ආවා...//
සත්ගිරි වටකොට ඔබේ නිවහන ඇත
සත්සිඳු පතළව ඔබේ කිතුගොස ඇත
ඔබ යැදුමට ආවා අපි ඔබ යැදුමට ආවා...//
මයුරාසන මත වැජඹෙන තේජැතිව
උතුරන හදකින් පුදදෙමු බැතියෙන//
ඔබ යැදුමට ආවා අපි ඔබ යැදුමට ආවා...//
කඳ සුරිඳුනි ඔබේ පිහිට ලැබේවා
මගේ රට සව්සිරියෙන් සපිරේවා//
ඔබ යැදුමට ආවා අපි ඔබ යැදුමට ආවා...//