කං කං බූරුkan kan buuru

Kan Kan Buru

ඇල්බමය
Sanda Madale Tharu

ගී පද

කං කං බූරු//
සිං සිං ඤෝරු//
කං කං බූරු//
සිං සිං ඤෝරු//

මං කී දේ කරනවද? ඔව් ඔව්
මං කී දේ අහනවද? ඔව් ඔව්
දුවලා දුවලා දුවලා ගිහිං
සුදු පූසිගෙ චූටි කණෙන්
ඇදලා මගේ ළඟට දුවලා දුවලා එන්නකෝ...

කං කං බූරු....

මං කී දේ කරනවද? ඔව් ඔව්
මං කී දේ අහනවද? ඔව් ඔව්
දුවලා දුවලා දුවලා ගිහිං
නටු නැති කොළ අහුරු පිටින්
අරන් ආපු හපනට මං දං ගෙඩි දෙනවා...

කං කං බූරු....

මං කී දේ කරනවද? ඔව් ඔව්
මං කී දේ අහනවද? ඔව් ඔව්
දුවලා දුවලා දුවලා ගිහිං
කළු නැන්දගෙ ඔසරි පොටෙන්
ඇදලා මගේ ළඟට දුවලා දුවලා එන්නකෝ...

කං කං බූරු....//