ගී පද
කළු කරගෙන වැහි එනවා
ගොරවාගෙන වැහි එනවා
කුරුළු පැටව් නිදියනවා
අපේ පුතත් නිදියනවා...
හ්ම්.... හ්ම්.... හ්ම්....
හඳ වැහුණා වලාකුලේ
ඉර වැහුණා වලාකුලේ
තරු නිවුණා වලාකුලේ
නැළවෙයි පුතු මගේ උකුලේ...
හ්ම්.... හ්ම්.... හ්ම්....
මහ වැස්සේ අලි එන්නේ නෑ
මහ වැස්සේ කොටි එන්නේ නෑ
මහ වැස්සේ ඇවිදින් නෑ
උන්ගේ පැටව් නිදියන්නේ නෑ...
හ්ම්.... හ්ම්....හ්ම්....
කුරුළු පැටව් නිදියනවා
අපේ පුතත් නිදියනවා
කවි අහගෙන නිදියනවා
අපේ පුතා නිදියනවා...
හ්ම්.... හ්ම්.... හ්ම්....