ගී පද
කල්පයක් දුර කාලයක් මා ළඟින් රැඳිලා ඔයා
මේතරම් පෙම් කළ නිසා ජීවිතේ මග ඔබ වෙලා
ඇත්තමයි අද මගේ හදවතේ ගැවසෙනා
හුස්මටත් වැඩිය දැන් ඔබ හුඟක් වටිනවා......
අපි මේ වගේ හැම අත් භවේ හරි ආදරෙන් හැසිරෙන්නැති
හුරුවටම ඒ මට මේ භවේ සුදු අත ඔබේ හිමිවෙන්නැති
බාධක කොතෙක් මග හමු වුණත් එය ශක්තියක් කරලා
නොසැලී සිතින් අප උන් නිසා අද ජීවිතේ දිනුවා
ඇත්තමයි අද මගේ හදවතේ ගැවසෙනා
හුස්මටත් වැඩිය දැන් ඔබ හුඟක් වටිනවා......
දුක සැප දෙකේ අසලින් මගේ
සෙවණැල්ල මෙන් රැඳිලා නෙතේ
සතුටින් මෙසේ ඉමු හැම දිනේ හැරයන තුරා දිවියම අපි
හීනයකවත් නොදුටුව රුව මාගේ විතරක් නිසා
වෙන කව්රුවත් නොකෙරුව තරම් මං ආදරෙයි සැමදා
ඇත්තමයි අද මගේ හදවතේ ගැවසෙනා
හුස්මටත් වැඩිය දැන් ඔබ හුඟක් වටිනවා......
කල්පයක් දුර........