ගී පද
කල්පනා රැහැනින් බැඳී - කාලයේ වැලි තල බිිඳී
ගැලූ නිවහල් පැතුම් වරුසා - තෙමාලයි හෙළ බිම් තලේ
සුවඳ සපිරුණු කැකුළු පිබිදී - සුවඳ විහිදෙයි දස අතේ
නැවුම් පොළවෙහි නැවුම් සිතුවිලි - සුව සදා දෙයි නිදහසේ
අහස වියරුව නියං සායෙන් - හැඬූ හඩ ඈතට ඇසේ
අහස වැඳගෙන සිහිල් සෙවණක - මහා මිහිතලයම හිඳී