ගී පද
කලි යුග කාලෙට උපන්න නුවණක්කාරයෝ දෙන්නෙක්
අතරමගදී මුණ ගැහිලා මාර ගහක් යට ඉඳගත්තේ
(එකෙක් රයිගම පැත්තේ අනිකා ගම්පොළ පැත්තේ......//)
කොහොමද ඒ පැත්තේ තොරතුරු
හරි ගිරිස්මේ... ඒ පැත්තේ...
එහෙට තදින් වැස්ස වහිනවා......
අපේ පැත්තේ මහ කකුළුවෝ පොඩි එවුන්ට
කෙළින් යන්ඩ කියලා දෙනවා
(මොකද්ද කිව්වේ...)
අපේ පැත්තේ මහ කකුළුවෝ පොඩි එවුන්ට
කෙළින් යන්ඩ කියලා දෙනවා
ඒ කිව්වේ මහ කකුළුවෝ කෙලින් අතට ගමන් කරනවා
නෑ නෑ පොඩි එවුන්ට යන්ඩ කියනවා
කොහොම වුණත් පහු වෙනකොට
පොඩි එවුන්ට පුළුවන් වෙනවා
මොන පිස්සුද.... උන් ඔක්කොම හරහට යනවා........
කලි යුග කාලෙට......
කොහොමද ඒ පැත්තේ තොරතුරු
එහෙට වැස්ස... ඒ පැත්තේ...
එහේ ගිනි රස්නෙට පායනවා.....
අපේ පැත්තේ මේ කාලෙට ගංවතුරේ ඔරු
පැදගෙන එහෙ මෙහේ යනවා
(මොකක් කිව්වා....)
අපේ පැත්තේ මේ කාලෙට ගංවතුරේ ඔරු
පැදගෙන එහෙ මෙහේ යනවා
ඒ කිව්වේ සැඩ පහරෙත් බයක් නැතිව ඔරුව පදිනවා
නෑ නෑ පුරුදු නිසා ඔරුවෙන් යනවා
බලාගෙනයි ඔරුව පෙරළුනොත් කරදර වෙනවා
පෙරළුනොතින්.... පෙරළුණු පිට හොඳයි කියනවා.......
කලි යුග කාලෙට......