කලි යුග කාලෙට උපන්න නුවනක්කාරයො දෙන්නෙක්kali yuga kaaleta upanna nuwanakkaarayo dhennek

Kaliyuga Kaleta

ගී පද

කලි යුග කාලෙට උපන්න නුවනක්කාරයො දෙන්නෙක්
අතර මගදි මුන ගැහිලා මාර ගහක් යට ඉදගත්තේ
එකෙක් රයිගම පැත්තේ අනික ගම්පොල පැත්තේ

කොහොමද ඒ පැත්තෙ තොරත්තුරූ
හරි ගිරීස්මෙ.. ඒ පැත්තෙ..
එහෙට තදින් වැස්ස වහිනවා..

අපේ පැත්තෙ මහ කකුලුවො පොඩි එවුන්ට
කෙලින් යන්න කියලා දෙනවා
(මොකක්ද කිවුවෙ....)
අපේ පැත්තෙ මහ කකුලුවො පොඩි එවුන්ට
කෙලින් යන්න කියලා දෙනවා
ඒ කිවුවෙ මහ කකුලුවො කෙලින් අතට ගමන් කරනවා
නෑ නෑ පොඩි එවුන්ට යන්න කියනවා
කොහොම උනත් පහු වෙනකොට
පොඩි එවුන්ට පුලුවන් වෙනවා
මොන පිස්සුද........උන ඔක්කොම හරහට යනවා........

කලි යුග කාලෙට.........

කොහොමද ඒ පැත්තෙ තොරතුරු
එහෙට වැස්ස.......ඒ පැත්තෙ.........
එහෙ ගිනි රස්නෙට පායනවා......

අපේ පැත්තෙ මේ කාලෙට ගංවතුරේ ඔරු
පැදගෙන එහෙ මෙහෙ යනවා
(මොකක්ද කිවුවෙ.......)
අපේ පැත්තෙ මේ කාලෙට ගංවතුරේ ඔරු
පැදගෙන එහෙ මෙහෙ යනවා
ඒ කිවුවෙ සැඩ පහරේ බයක් නැතුව ඔරුව පදිනවා
නෑ නෑ පුරුදු නිසා ඔරුවෙන් යනවා
බලාගෙනයි ඔරුව පෙරලුනොත් කරදර වෙනවා
පෙරලුනොතින්......පෙරලුන පිට හොදයි කියනවා......

කලි යුග කාලෙට.......